Recruitment of Junior Cricket Head Coaches – 2026
මාර/ සාන්ත සර්වේශස් විද්‍යාලය
කනිෂ්ඨ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවන් බඳවා ගැනීම – 2026
මූලික සුදුසුකම් –
- අයදුම්කරුවන් පුරුෂ පාර්ශවයේ ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය.
- මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත විය යුතුය.
- වයස අවු. 25-60ත් අතර විය යුතුය.
- අයදුම්කරුවන් මින් පෙර ළමා අපචාර හෝ අපයෝජන සම්බන්ධ වැරදි කරුවෙකු වී නොසිටිය යුතු අතර විනය ගැටළුවලට ලක් වූ අයෙකු නොවිය යුතුය.
- අවු.04 වැඩි ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දෙන Level 1 පුහුණුකරු සහතිකය ලබා තිබීම.
අයදුම්පත්‍රය යොමු කිරීම –
- මේ සමඟ දක්වා ඇති ආදර්ශ අයදුම්පත්‍රය අනුව සකසාගත් අයදුම්පත්‍රයක් පුරවා එවිය යුතුය.
- අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්නේ නම්, “ විදුහල්පති, සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර.“ යන ලිපිනයට එවිය යුතුය. ලියුම් කවරයේ ඉහල වම් කෙළවරෙහි “කනිෂ්ඨ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවන් බඳවා ගැනීම” ලෙස සඳහන් කල යුතුය.
- අයදුම්පත්‍ර විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්නේ නම්, (ssc.matara@gmail.com) යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය. විෂය (Subject) ලෙස “කනිෂ්ඨ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවන් බඳවා ගැනීම” සඳහන් කළ යුතුය.
- මාර/ සාන්ත සර්වේශස් විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නොවන හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු නොවන දෙදෙනෙකු විසින් අයදුම්පත්‍රය සහතික කළ යුතුය.
- අයදුම්පත්‍ර 2026 – 01 – 16 වන දින දහවල් 12.30ට පෙර එවිය යුතුය.
- වැඩි විස්තර පාසල් නිළ වෙබ් අඩවියට (https://servatiuscollege.lk/) පිවිස ලබා ගන්න.
විදුහල්පති
සාන්ත සර්වේශස් විද්‍යාලය
මාතර
Click here to download the application>> Cricket coach application
