ශිෂ්‍යනායක මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපනය කිරීම.

ශිෂ්‍ය නායකයින්ට තම වගකීම් හා විශේෂ අවස්ථා කළමනාකරණය කිරීමෙහිලා ශිෂ්‍යනායක මණ්ඩලයෙන් ලැබෙන්නේ ඉමහත් පිටිවහලකි.

ශිෂ්‍ය නායකයින්ට තම වගගීම් හා කාර්යයන් වඩාත් සංවිධානාත්මකව හා කළමණාකාරීත්වයක් ඇතිව මෙහෙයවීම සදහාත් ඒ සදහාත් ඒ සඳහා විධිමත් අත්දැකීම් ලබා ගැනීම සඳහාත් හැකිවන ලෙස අවශ්‍ය කටයුතු කිරීමට සුදුසු ස්ථානයක් අවශ්‍යව ඇත. මේ සඳහා පාසැල් සංවර්ධන විධායක කමිටුවේ අනුමැතිය ඇතිව පාසල් පරිශ්‍රයේ සුදුසු ස්ථානයක අමුණුම 01හි දැක්වෙන සැලසුමට අනුව හා දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි, මාතර) මහතාගේද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අනුමැතිය ඇතිව මෙහෙයුම් කාර්යාලයක් ඉදිකිරීමට තීරණය කර ඇත. මේ සදහා රු.700,000/= කට ආසන්න මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කඑ ඇත.

පරිත්‍යාගශීලියෙකුගේ හෝ කණ්ඩායමක දායකත්වයෙන් මෙය ඉදිකර විද්‍යාලයේ 125 වෙනි සංවත්සරයේ සලකුණක් ලෙස සුසු අයිතියට පත් කිරීම අපේක්ෂාවයි.

මෙම ඉදිකිරීම සඳහාබ අදාල පාර්ශවයන්ගෙන් අනුමැතිය ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතුව ඇති ආකෘති පත්‍රය සමග ඉදිකිරීම් සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලියෙකුගේ හෝ කණ්ඩායමක කැමැත්ත ප්‍රකාශ කළ ලියවිල්ලද අවශ්‍ය කෙරේ.

විදුහල් මාතාවගේ අභිවෘද්ධිය සඳහා දායක විය හැකි මෙම කටයුත්ත සදහා ඔබට ආරාධනා කරමි.

විදුහල්පති.

ඔබේ අදහස් පහත Comment section එකේ දක්වන්න